අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම් : විශේෂ විමර්ශනයක් සඳහා පොලිස්පතිට ලිපියක්

අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසත්  ඉල්ලා සිටිමින් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි  පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

විමර්ශනයක් ඉල්ලා සිටීමේ  මෙම පැමිණිල්ලට පාදක වී ඇත්තේ සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල වන අලි සිව්දෙනෙකු මියයෑමේ සිද්ධිිය වේ.    

වන අලින්ට සිදුවන මෙම අවාසනාවන්ත ඉරණම දිඟින් දිගටම සිදුවන බැව වාර්තා වන බැවින් , විශේෂ විම්ර්ශනයක් සිදුකර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

END/GONP/MMP/24072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *