ලියෝ පාප්තුමා ළමා කාලය ගතකළ නිවස සංචාරක ස්ථානයක් බවට පත් කිරීමට නියමිතයි

විදේශ මාධ්‍යවලට අනුව, 21,000 ක ජනගහනයක් සහිත චිකාගෝ තදාසන්න, ඩොල්ටන් හි ගඩොල් නිවස එහි වත්මන් හිමිකරු විසින් ඩොලර් 375,000 කට විකුණා ඇත.

පළමු ඇමරිකානු පාප්තුමා වන ලියෝ පාප්තුමා තේරී පත්වීමට පෙර – පසුගිය වසරේ දී හිමිකරු ඩොලර් 66,000 කට නිවස මිලදී ගෙන පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ බව WGN රූපවාහිනිය පැවසීය.

ඩොල්ටන් ගමේ භාරකාර මණ්ඩලය මෙම මස මුලදී නිදන කාමර තුනකින් යුත් නිවස මිලදී ගෙන එය මහජනතාවට විවෘත ආකර්ෂණයක් බවට පත් කිරීමට ඡන්දය දුන්නේය.

WBEZ චිකාගෝ ගුවන් විදුලියට අනුව, පාප්තුමාගේ දෙමාපියන් 1949 දී නිවස මිලදී ගෙන 1996 දී එය විකුණා දැමූහ.

මූලාශ්‍රය AFP වෙතින්

END/MMP/12072025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *