බිහිසුණු ගුවන් අනතුරේ වැදගත් වාර්ථාවක් !

පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව එන්ජින් වලට ඉන්ධන සැපයුම අත්හිටුවීම බව මූලික වාර්තාවකින් සොයාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787 ගුවන් යානය අහමදාබාද් ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී ස්වල්ප මොහොතකින් අනතුරට ලක්විය. අනතුරෙන් යානයේ සිටි එක් අයෙකු පමණක් දිවි ගලවා ගත් බවත් අනෙක් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්වූ බවත් ඉන්දිීය මාධ්‍ය වාර්තා කළේය.

සොයාගත් තොරතුරු වලට අනුව, නියමු කුටියේ ඉන්ධන පාලන ස්විචයන් පෙරළී එන්ජින් වලට ඉන්ධන සැපයීම නතර වී ඇති බවත්, යානයේ කළු පෙට්ටියේ දත්තවලින් පෙනී ගියේ එන්ජින් දෙකම තත්පරයක පරතරයකින් විසන්ධි වී ඇති බවත් යැයි පරීක්ෂකයින් පවසති.

“එක් නියමුවෙකු අනෙක් නියමුවාගෙන් ඉන්ධන කපා දැමුවේ මන්දැයි විමසන ආකාරය සහ අනෙක් නියමුවා තමා එසේ නොකළ බවට පිළිතුරු දෙන ආකාරය නියමු කුටියේ පටිගත කිරීමක සටහන් වී තිබෙනවා.”

“ඉන්ධන යථා තත්ත්වයට පත් කිරීම සඳහා නියමුවන් ඉක්මනින් ස්විචයන් ආපසු හැරවූ නමුත්, ගුවන් යානය කඩා වැටෙන විට එන්ජින් නැවත ආරම්භ කිරීමට උත්සාහ කරමින් සිටි තිබුණු බවයි පරීක්ෂණ වාර්තාවල සදහන් වන්නේ.”

පරීක්ෂණ වාර්තාවට අනුව, “ගුවන් යානාවේ එන්ජින්වල ස්වයංක්‍රීය පද්ධති නැවත ආරම්භ කිරීමට උත්සාහ කළ නමුත් තත්පර කිහිපයකට පසු එක් ගුවන් නියමුවෙකු “මේඩේ” යනුවෙන් හදිස්සි ඇමතුමක් ගුවන් ගමනාගමන පාලකයට යවා තිබෙනවා එහෙත් ගුවන් ගමනාගමන පාලකවරයා ප්‍රතිචාර දැක්වීමට පෙර යානය කඩා වැටි තිබෙනවා.”

“ගුවන් නියමුවන්ගේ ආසන අතර පිහිටා ඇති මෙම ස්විචය, අහම්බෙන් භාවිතා වීම වැළැක්වීම සඳහා විශේෂ අංග මගින් ආරක්ෂා කර තිබෙනවා. ඉන්ධන ස්විචයන් හිතාමතා ගුවන් නියමුවන්ට ඇරෙන්නට, සොයන්ක්රියව එය වැරදීමකින් ඉන්ධන ස්විචයන් නිවා දැමීම අතිශයින් දුර්ලභ බව ගුවන් යානා පිලිබඳ විශේෂඥයින් අදහස් දක්වා තිබෙනවා.”

“යානයේ සැකසුම්, ඉන්ධන සහ බර සියල්ල සාමාන්‍ය බවත්, කුරුළුන්ගේ ගැටීමක් හෝ යාන්ත්‍රික දෝෂවල කිසිදු සලකුණක් නොමැති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.” යනුවෙන් පරීක්ෂන වාර්තා සටහන් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

END/MMP/12072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *