සයිප්‍රසයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

එළ‍ෙඹන 20 වන දින සිට (ජූලී 20) සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හට තානාපති සේවය ලබා ගැනීමට හැකි වන පරිදි එරට තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත.

නිරන්තරයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලලා තමයි, සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලය නැවත විවෘත කරන්න තීරණය ක‍ළ‍ේ. කාර්යාලය ආරම්භ කළාට පස්ස‍ේ එහ‍ෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සම්පූර්ණ සේවය ලබා‍ද‍ෙනවා, ‍ ම‍ේ තුළින්, රැකියා අවස්ථා සහ වෙළඳ ආයෝජන වැඩි කරගන්නත් කටයුතු කරන්නට හැකියාව ලැ‍බ‍ෙනවා. යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව සයිප්‍රස් රජයේ ද අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යංශයෙන් පත් කළ දූත මණ්ඩලය ජුලි මස 15 වන දින එරට බලා පිටව යාමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් ක‍ළ‍ේය.

සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයින් දස 15000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර වසර කිහිපයකට පෙර එහි ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය වසා දමන ලදි. ඒ හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් තානාපති සේවය ලබා ගැනීම සඳහා තුර්කියේ අන්කාරා තානාපති කාර්යාලයට යොමු වීමට සිදු වී ඇත.

END/MMP/04072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *