බස් රථයක් පෙරළී 10 කට තුවාල  ( මොහොමඩ් ආසික්)

වත්තේගම නගරයේ සිට කුඩුගල හරහා මහනුවර දක්වා අංක 609  මාර්ගයේ ගමන් ගත් වත්තේගම ඩිපෝවට අයත් බස් රථයක් අද 03 වනදා උදේවරුවේ පාරෙන් ඉවතට පැන පෙරළී යාම නිසා බස් රථයේ ගමන් ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා  රෝහල් ගත කරනු ලැබ තිබේ. මෙම අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ  සිට ඇති අතර එයින් මගින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. කෙසේ නමුත් අනතුරින් තුවාල ලැබූ  කිසිවෙකුත් බරපතල තත්වයේ නොමැති බවත් එක් තුවාලකරුවකු පමණක් තෙල්දෙණි්‍ය  රෝහල වෙත වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් අනෙකුත් තුවාලකරුවන් වත්තේගම රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් පොලිසිය කියයි.
වත්තේගම පොලීසියේ රථවාහන අංශය වැඩි දුර විමර්ශණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *