ශ්‍රී ලංකා කාදිනල් හිමිපාණන් සිය 50 වන පූජක දිවිය සමරයි!

සිය පූජක – ආගමික ජීවිතයේ වසර 50 ක් සපිරූ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, තුති දී‍ම‍ෙි දිව්‍ය යාගය තුළින් දශක ගණනාවක් පුරා තමන් මුහුණ දුන් බොහෝ බිය සහ අභියෝග පිළිගනිමින් තම අධ්‍යාත්මික ගමන ගැන මෙනෙහි කළේය. මෙම ආගමික ගමන පුරාම තමාට උපකාර කළ සියලු දෙනා ද ඔහු සිහිපත් කළේය.

සඳුදා සවස (30 දා) කොළඹ ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී ස්තුති දීමේ සංවත්සර දිව්‍ය පූජාව පැවැත්විණි. ශ්‍රී ලංකා රදගුරු සම්ම‍ෙිලනය‍ේ සියලුම රදගුරුවරුන් සමඟ පැවැත් වූ දිව්‍ය පූජාවේ මුලසුන කාදිනල් හිමිපාණන් දැරීය. කොළඹ අගරදගුරු පදවියේ සියලුම  පැවදි – පූජකවරු සහ සුභ පතන්නන් ස්තුති පූජාවට සහභාගී වූහ.

“මගේ ආගමික ජීවිතය පුරාම මට බොහෝ බිය සහ අභියෝගවලට මුහුණ දීමට සිදු විය, නමුත් සර්වබලධාරී දෙවියන්ගේ කරුණාවෙන්, මට ඒවා ජය ගැනීමට හැකි විය,” අගරදගුරු කාදිනල් රංජිත් හිමිපාණන් සිය දේශනාව අතරතුර පැවසීය.

ඔහු තම පූජක ගමනේ වැදගත් අවස්ථා සිහිපත් කළ අතර , වෙරළබඩ තීරයේ කැපුන්ගොඩ ද‍ේවස්ථාන‍ය‍ේ  ඔහුගේ පත්වීම ගැන කතා කළේය.

“මට ඉතා අවම පහසුකම් සහිත සංක්රිස්තියන් කාමරයේ ජීවත් වීමට සිදු වුණා. සතියකට වරක්  පූජාවට උදව්වන ළමයින් පුරවා ද‍ෙන ජලය සමඟ, කුඩා ජල ටැංකියකින් මට ජීවත් වීමට සිදු වුණා.” යැයි සිහිපත් ක‍ළ‍ේය.

එසේම, අගරදගුරුතුමා 1990 ගණන්වල රත්නපුර රදගුරු පදවියට ලද පත්වීම පිළිබදව ද සිහිපත් කළේ ‍ ම‍ෙ‍ල‍ෙසිණි.  “ඒක දුෂ්කර කාලයක්. මට නුහුරු නුපුරුදු කලාපයක ජීවත් වීමට සිදු වූ බැවින්, මෙම පියවර ගැන මම නොසන්සුන් විය. රත්නපුරයේ බිෂොප් මන්දිරයේ තනිව පළමු රාත්‍රිය ගත කළ ආකාරය මට මතකයි, හුදකලාව සහ අවිනිශ්චිත බවක් දැනුණා.”

 

රෝමයේ පත්වීම අතරතුර ඔහු මුහුණ දුන් තවත් පරීක්ෂාවන් ඔහු විස්තර කරමින් , “රෝමයට යාම තවත් ප්‍රධාන අභියෝගයක් විය. මම එහි කිසිවෙකු දැන සිටියේ නැත, සමහර විට මම ඉල්ලා අස්වී ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට පවා සිතුවෙමි. නමුත් දිව්‍ය දේවාරක්ෂාව මාව ඉදිරියට ගෙන ගියේය.” යැයි කීහ.

“ඉන්දුනීසියාව සහ නැගෙනහිර ටිමෝරය සඳහා අපෝස්තලික නන්සියෝ ලෙස නම් කරන විට තවත් හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වුණා. මෙය ද විශාල අභියෝගයක් විය, නමුත් මම එය ඇදහිල්ලෙන් වැළඳ ගත්තෙමි,” ඔහු පැවසීය.

කාදිනල් රංජිත් හිමිපාණන්, දිවංගත දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේට සහ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේට මෙන්ම, ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ද, තම දේවසේවය පුරාවට දැක්වූ නොසැලෙන සහයෝගය සහ දිරිගැන්වීම වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කළහ.

එම‍ෙන් ම,  තමාට සහාය දුන් දේශීය සහ ජාත්‍යන්තර රදගුරුවරුන්ට ද ඔහු සිය ස්තූතිය පළ කළේය.

මන්නාරමේ හිටපු රදගුරු රායප්පු ජෝසප් රදගුරුතුමාග‍ේ නම විශේෂයෙන් සඳහන් කරමින්, “අතීතයේ උතුරේ කටයුතුවලදී ඔහු මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔහු සැමවිටම තම ජනතාව වෙනුවෙන් පෙනී සිටියා” යැයි සිහිපත් කළ‍ේ ය.

END/MMP/02072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *