“රාජ්‍ය භාෂා සතියක්”!

“රාජ්‍ය භාෂා දිනය” නිමිත්තෙන් රජය විසින් “රාජ්‍ය භාෂා සතියක්” ප්‍රකාශයට පත්කර ඇති අතර, එය අද, ජූලි මස 01 සිට ජූලි මස 07 ” වැනිදා දක්වා මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් පැවසීය.
බලය ලබා ගැනීමේදී පැවසූ පරිදිම ජාතික සමගිය ගොඩනගමින් රට ඉදිරියට ගෙනයාමට රජය කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
“සෑම පුරවැසියකුටම තම භෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සකසා දීම තමයි රජයේ වගකීම” යැයි නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් පැවසීය.
රාජ්‍ය භාෂා දිනය සහ එහි වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ – ජුනි 30 දා, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම කරුණු අවධාරණය කරනු ලැබිණි.