E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ගැන නිවේදනයක්!

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහ කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බවය.

අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බවද ඔහු සඳහන් කරයි.

දැනට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, මේ මස 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළකරයි.

”ජුලි මස අවසන් වන විට E-8 වීසා කාණ්ඩය යටතේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එරට ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපි සූදානම්. මේ යටතේ වසරකට යැවිය හැකි උපරිම ශ්‍රමික සංඛ්‍යාව  දකුනු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකිරීමට කටයුතු කරනවා. රජයෙන් පමණයි බඳවාගැනිම් සිදුකරන්නේ. පෞද්ගලික අංශයට ඒ සඳහා බඳවාගැනීමට අවසර නැහැ ”.

මෙම රැකියා සම්බන්ධයෙන් විවිධ සමාජමාධ්‍ය ජාලාවල  සංසරණය වන අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

“මේ රැකියා සඳහා මෙරට මෙන්ම දකුනු කොරියාවෙත් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. මෙම රැකියා ක්ෂේත්‍රය රජය විසින් අතහැර දමා ඇති බවත් මෙය ක්‍රියාත්මක නොකරන බවටත් ඔවුන් විසින් ප්‍රචාරය කරනවා. අපි වගකිමෙන් කියනවා මෙය නතර කර නැහැ.විදිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත කිරීමට පමණයි අපි තාවකාලිකව අත්හිටුව්වේ.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවබොධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අප එය නීත්‍යනුකූල කරනවා”

මෙම රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සුදුසුකම් මත පමණක් විනිවිදභාවයෙන් සිදුකරන බවද කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය ක‍ළේය. කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. බඳවාගැනීම් හා සියලු තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට කටයුකු කරනු ඇත.

උපුටා ගැනීම – Adaderana.lk – https://sinhala.adaderana.lk/news/211707
END/MMP/01072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *