පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන් – ඉමල්ෂා නෙත්මිණි

කොළඹ වරාය පොලිස් වසමේ කෘත්‍රීම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටි පුද්ගලයෙකු ඊයේ (26) අතුරුදහන් වී ඇති බව කොළඹ වරාය පොලිසිය සඳහන් කරනවා.
අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝදාංශයක් ලෙස ස්නෝර්කල් පැලැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් පුද්ගලයෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බවට අනාවරණය වී ඇති අතර, ඔහු පැලැඳ සිටි ස්නෝර්කලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
අතුරුදහන් පුද්ගලයන් සොයා කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.