මෙරට අධිබර සහිත දරුවන්ගේ ප්‍රවණතාවයක් – ඉමල්ෂා නෙත්මිණි

මෙතෙක් එකතු කළ දත්ත මත පදනම්ව පාසල් දරුවන්ගේ විශේෂයෙන්ම 1 ශ්‍රේණිය, 04 ශ්‍රේණිය 7 සහ 10 ශ්‍රේණිය දරුවන්ගේ අධි බර ප්‍රමාණය 7%ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න පවසනවා.

ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (25) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
දරුවන් සම්බන්ධ ගෝලීය පරික්ෂණයකදී දරුවන් අතර ස්ථූලතාවය 12% පමණ දරුවන් අතර දැකගත හැකි බවයි ඇය පවසා සිටියේ.
 17 %ක දරුවන් පැණි බීම සහිත ආහාරවලට මෙන්ම ලුණු සහිත ආහාර 28%ක් පමණ සහ අධික තෙල් සහිත ආහාර 28%-29% පරිභෝජනය කර ඇති අතර සීනි සහිත ආහාර 41% දරුවන් පරිභෝජනය කර ඇති බව දත්ත පෙන්වා දෙන බවයි ඇය පෙන්වා දෙන්නේ.
එමෙන්ම දරුවන් අතර බෝ නොවන රෝග එනම් අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි නොයෙක් රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් පවතින බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *