නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් , එම පනත් කෙටුම්පත සකස් කිරීම සදහා පත් කළ කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ පසුගියදා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී Zoom තාක්ෂණය ඔස්සේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සහභාගි විය.

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාර දක්වා සිටි අතර එහිදී ඒ සම්බන්ධයෙන් අර්ථ නිරුපණ පිළිබඳ විමසීමක් කර තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීම සම්බන්ධව අර්ථ නිරුපණය කිරීමේදී එය මෙරටට මෙන්ම ජාත්‍යන්තරයට ද සුදුසු ආකාරයේ අර්ථ නිරුපණයක් විය යුතු බව මෙහිදී සාකච්ඡා වු අතර ශ්‍රී ලංකාව තුළ ටැන්සානියාවේ පවතින ත්‍රස්ත විරෝධි පනතේ අඩංගු අර්ථ නිරූපණය සුදුසු දැයි අධ්‍යයනය කළ යුතු බව යෝජනා වීය.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නිර්දේශ ද ඇතුලත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් විය.
එමෙන්ම ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුවන් පුනරුත්ථාපනය කිරීම ඔවුන් යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳ නව ත්‍රස්ත විරෝධි පනතට ඇතුළත් කරන්නේ ද යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සාකච්ඡාවේදී විමසු අතර මෙරට ව්‍යවස්ථාවේ එවැනි කරුණු සඳහන් වුවද නව ත්‍රස්ත විරෝධි පනතට ද ඇතුළත් කිරීමට පිළිබදව කරුණු සාකච්ඡා විය.

ත්‍රස්තවාදය සම්බන්ධ තොරතුරු ලබා නොදීම වරදක් ලෙස මෙම පනතට ඇතුලත් කිරීමේ නිතිමය තත්ත්වය ගැන ද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු විණි.
ඉදිරියේදී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස මහජනතාවට ඉදිරිපත් කරන බවත්, එය මෙම පනත සම්බන්ධයෙන් උනන්දුවන පුද්ගලයින්ට අවධානය යොමු කළ හැකි බවත්, මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් මෙහිදී සදහන් කළේ ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමට අදාළ සිය සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සදහා පත් කළ කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ, සාලිය පීරිස්, නීතිඥ උපුල් ‍කුමාරප්පෙරුම, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) පියුමන්ති පිරිස්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට ජ්‍යෙෂ්ඨ මානව සම්පත් උපදේශක ලයිලා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත් ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ත්‍රස්ත විරෝධි කමිටුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් එක්විය.

END/GONP/MMP/24062025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *