ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කිරීමට පියවර – විදේශ කටයුතු අමාත්‍ය

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් විසි දහසක් පමණ සේවය කරමින් සිටින අතර ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බවද, ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊශ්‍රායලය සහ ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය එම රටවල  පිහිටි තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
END/GONP/18062025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *