වැඩිහිටි අපයෝජන ජාත්‍යන්තර දින සැමරුම මහනුවරදී… – නදීක දයා බණ්ඩාර

වැඩිහිටි අපයෝජන ජාත්‍යන්තර දින සැමරුම නිමිත්තෙන් මහජනයා දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් දියත් කොට තිබේ.
ඊට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන මහනුවර දිස්ත්‍රික් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහ මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අද (16) ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වෙත සැමරුම් පළඳනාවක් පැළදීම සහ පත්‍රිකා බෙදමින් දැනුවත් කිරීම වැඩිහිටි සමාජවල සාමාජික සමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර අනතුරුව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා දැනුවත් කිරීමක් ද එහිදී සිදුවිය.
මෙරට ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් ඉදිරි දශක දෙක තුළදී වැඩිහිටි ජන ගහණයට අයත් වන බැවින් වැඩිහිටි සුරක්ෂිතතාව පිළීබඳව වැඩි අවදානයක් යොමු කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්කය තුළද වැඩසටහන් ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ දත්ත අනුව වර්ෂ 2000දී 9.3%ක් වූ වැඩිහිටි ජන ගහණය වර්ෂ 2050 වන විට 27.6%ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා ද මෙම අවස්ථාවට එක්විය.