කල්පිටියේ බලයත් මාලිමාවට – ප්‍රසාද් පූර්ණමාල්

කල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් අද 16  පත්වුණි.

අද පෙරවරුවේ පැවති රහස් ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 16ක් දිනාගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කෙරු මොහොමදු ආසික්ට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 15ක් පමණය.

අද පස්වරුවේ   පුත්තලම නගර සභාවේ  සභාපති වරයා තෝරා පත් කර ගැනීමේ ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි .

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 කින් 04 ක බලය හිමි කර ගැනීමට ජාතික ජන බල වේගය සමත්ව තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *