හලාවත නිවාස කීපයක් සුළගට බිලි – කල්පනා නාගේන්ද්‍රන් (වීඩියෝ සහිතයි )
සුළං හේතුවෙන් හලාවත වැල්ල ග්‍රාමයේ නිවාස 06 කට බරපතල හානි සිදුව ඇති අතර තවත් නිවාස කීපයකට සුළු හානි සිදුව තිබේ .
ඊයේ 26 පස්වරුවේ හා අද 27 අලුයම මෙලෙස දැඩි සුළං හමා ගොස් ඇත . පසුගිය දෙදින හලාවත ධීවරයන් මුහුදු ගොස් නොමැති අතර මේ හේතුවෙන්
හලාවත ප්‍රධාන මාළු වෙළද පොළ පාලු ස්භාවයක් ගන්නා ලදී .
මේ අතර ඊයේ 26 රාත්‍රියේ ගස් කීපයක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට හා අනෙකුත් ගමනාගමන කටයුතු වලටද බාධා එල්ලවූ බව වාර්තා වේ .
