ධිවර යාත්‍රාවක් පෙරලෙයි ධීවරයන් තුන්දෙනා පැය හතරක් පිහිනා බේරෙයි – හිරුණි ලක්ෂිකා

කල්පිටිය තලවිල මුහුදු තිරයෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ . අද 26 පෙරවරු 07 ට පමණ මේ අනතුර සිදුව ඇත්තේ තලවිල මුහුදු තිරයේ
මුහුදු සැතපුම් දෙකක් පමණ එපිටිනි .
අනතුර සිදුවන අවස්ථාවේ මේ ධිවර යාත්‍රාවේ ධීවරයන් තිදෙනෙකු සිට ඇති අතර එම තිදෙනා මුහුදට වැටී තිබේ . එකවර පැමිණි සුළගක් හා වර්ෂාවක් සමග මේ අනතුර සිදුවූ බව මේ අනතුරට මුහුණ දුන් නාලක ප්‍රනාන්දු මහතා පැවසිය .
ධීවරයන් තිදෙනා ධිවර යාත්‍රාව අල්ලා ගෙන පැය හතරකට ආසන්න කාලයක් පිහිනා ගොඩ බිමට පැමිණ තිබේ .
මේ අනතුරින් රුපියල් ලක්ල්ෂ 17 ක් පමණ අලාභයක් සිදුව ඇත .