මුහුදු යන්න එපා .හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක ධිවරයනට දැනුම් දීමක් – ප්‍රසාද් පූර්ණමාල්

මුහුදු ප්‍රදේශ කිහිපයක නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

එම මුහුදු ප්‍රදේශ වන්නේ, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශයි.

ඇතැම් අවස්ථාවල එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි ය.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද තරමක් ඉහළ යා හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *