මහින්දානන්දට ඇප

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් 50,000ක මුදල් ඇප හා මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත ඔහු මෙලෙස මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය නිකුත් කළා ය.