චීන පොහොර ගනුදෙනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (මැයි 14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් අල්ලස් කොමිෂන් සභාවට නොතීසි නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed