වන්දනා බස් රථයක් පෙරළි විස්සක් තුවාල ලබති, හිමින් ආව බස් රථය වංගුව කපා ගන්න බැරිව පාරන්  ඉවතට පැන්නා- ප්‍රදේශවාසිහූ කියති – මොහොමඩ් ආසික්

මහනුවර අලදෙණිය පොලිස් බල ප්‍රදේශයට   අයත් කුළුගම්මන කුරුඳුගහමඩ මාර්ගයේ තුන් වන වංගුව අසලදී සිදු වන්දනා ගමනක් පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට පෙරළීම නිසා එම බස් රථයේ ගමන් ගත් 20 දෙනෙකු තුවාල ලබා මහනුවර පේරාදෙණිය සහ තිත්තපජ්ජල රෝහල් වෙත ඇතුලත් කරනු ලැබ තිබේ.

ගල්ගමුවේ සිට ඊයේ 12 වනදා වන්දනා ගමනක් පැමිණ ඇති අතර බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර තිබේ. ඊයේ දිනයේ මහනුවර ප්‍රදේශයේ වන්දනා ගමන් අවසන් කර රාත්‍රී කාලයේ නිවස් බලා ගමන් කරමින් සිටියදී මෙම වංගුවේදී මෙම බස් රථය පාරෙන්  ඉවතට පැන අතුරු මාර්ගයකට වැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ ඒ අසල ආගමික වැඩසටහනකට සහභාගි වෙමින් සිටි පිරිස විසින් තුවලකරුවන් බේරා ගෙන රෝහල් ගත කරනු ලැබ තිබේ.

මෙම  බස් රථය ඉතා සෙමින් පැමිණි බවත් මාර්ගයේ වංගුව කපා ගන්න බැරිව එක්වරම පාරෙන් ඉවතට පැන පරෙළි ගිය බවත් ප්‍ර දේශයේ ජනතාව පවසයි.

මෙම මාර්ගය මින් පෙරද අනතුරු රැසක් සිදු වූ මාර්ගයක් බවත්  මාර්ගය දැඩි අවදානම් තත්වයේ පැවතියත් මාර්ග සංඥා හෝ ආරක්ෂිත වැටක් නොමැති වීම නිසා මෙවන්  අනතුරු නිතර සිදු වන බවත් ප්‍රදේශවාසිහු සඳහන් කරති. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගයට ආරක්ෂිත වැටක් සහ මාර්ග සංඥා සවි කර මාර්ගය ආරක්ෂා කර දෛන ලෙසයි. මහනුවර සිට කුරුණෑගල දෙසට ගමන් කිරීමට ඇති කෙටි මාර්ගයක් බැවින් නිතර මෙම මාර්ගයේ බස් රථ ගමන් කරන බවත් පිටින් පැමිණෙන රියදුරන්ට මාර්ගය ගැන වැඩි  අවබෝධයන් නොමැති වීම නිසා මෙවන් අනතුරු වැඩි වශයෙන් සිදු වන බවත් ඔවුහු අප සමඟ කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *