වෙසක් පෝය නිමිත්තෙන් මහා දේවලයන්හී දානමය පුණ්‍ය කර්ම – නදීක දයා බණ්ඩාර

වෙසක් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහ දේවාල කේන්ද්‍ර කොට දාන්සැල් කිහිපයක් අද දිනය පුරා පැවැත්වේ.

දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතාගේ මෙහෙයවීම මත ශ්‍රී දළදා මාලිගාව සංවිධාන කරන මහ බත් දන්සැල අද සහ හෙට පස්වරු 06.00 සිට රාත්‍රී 08.30 දක්වා ශ්‍රී දළදා මාලිගාවේ ඇත් වීදියේදී පැවැත්වේ.

මහනුවර කතරගම දේවාලය සංවිධාන කළ බත් දන්සැල බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එම දේවාලය අභියසදී ආරම්භ විය.

මහනුවර විෂ්ණු දේවාලයේ කිරිබත් දන්සැල පැවැත්වුණේ එහි බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විෂ්ණු දේවාලය ඉදිරිපිටදීය.

වෙසක් පෝය නිමිත්තෙන් සංවිධාන වූ දන්සැල් රැසක් මහනුවර නගරය හා අවට ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *