අනුරපුරයටත් විශාල ජනතාවක් – කිත්සිරි වනසිංහ (වීඩියෝ සහිතයි )

 

සම්බුදු තෙමඟුල සමරනු වස් අදට යෙදී තිබුණු වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිමහාසෑය ප්‍රධාන අනුරාධපුර අටමස්ථානයට අයත් වෙහෙර විහාර දිවයිනේ සිව් දෙසින් පැමිණි සැදැහැවත් ජනතාවගෙන් පිරී පැවතිණි.

ජය ශ්‍රී මහා බෝ මළුව හා මහමෙව්නා උයන මෙන්ම රුවන්වැලි මහා සෑ පුදබිම සුදු වතින් සැරසි උවැසි උවැසියන්ගේ සාධුනාදයෙන් ගිගුම් දෙන්නට විය.

බෞද්ධ ධජ පතාකයන්ගෙන් සැරසී මහමෙව්නා උයන පුරා දහස් සංඛ්‍යාත බැතිමතුන් සීල සමාදානයේ නිරතව සිටියහ. අතුරු සිදුරු නොමැතිව සුදුවතින් බැබලුන මහමෙව්නා පුද බිමට පැමිණි සැදැහැවත් ජනී ජනයා වෙනුවෙන් ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට දන්සැල් රැසක් ද ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී මහා බෝධි පරිශ්‍රය මෙන්ම රුවන්වැලි චෛත්‍ය රාමාධිපති පූජ්‍ය ඊතල් වැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත රුවන්වැලි මහා සෑ පුද බිමත් මුල් කරගනිමින් දාන සීල භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed