පළාත් පාලන මැතිවරණය 2025 මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම – නදීක දයා බණ්ඩාර

2025 පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමී අයුරින් මේ වන විට සිදුවෙමින් පවතී.
මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්ලක්ෂ දෙදහස් පන්සිය පනස් අටක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයන් පන්දහකට ආසන්න පිරිසකගෙන් පළාත් පාලන ආයතන 22ක් සඳහා තේරී පත්වන ධුර ප්‍රමාණය 637කි.
මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 937ක ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට සිදුවන අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 368ක සිදුවේ.
අනතුරුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.