
ගොවි මැයි දිනය මෙවර මන්නාරෙම්දී පැවැත්වනු ලැබීය. ගොවීන්ගේ මැයි දිනයක් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, ධීවරයන්, කිරිගොවීන්, ආදිවාසී ජනතාව මෙන් ම වතු කම්කරු ජනතාව (මලෛයග ජනතාව) එක් වී ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳ ව සමාජ අවධානය යොමු කෙරින. ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරීත්වය හා පළාත් අටක ජනතා සැලැසුම් සංසද එක් වී මෙය සංවිධානය කළේ ය.
ඉඩම්, ජලය, බීජ ඇතුළු ව ස්වාභාවික සම්පත් කොල්ලය, අලි – මිනිස් ගැටුම,ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම්, කාන්තාවන් පීඩාවට පත් කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලිය, ගොවීන්, ධීවරයන්, කිරිගොවීන්, මලෛයග හා ආදිවාසී ජනතාව ගේ අයිතීන් ලබා නොදීම හා ඔවුන් ව ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කර නොගැනීම ඇතුළු කරුණු ගණනාවක් මැයි දින පාගමනේ දී හා රැලියේ දී අවධානයට ලක් කෙරින. මෙවර ගොවි මැයි දින ප්‍රකාශයේ කරුණු 30 ක් පිළිබඳ ව රජයේ අවධානය ලක් කළ අතර ප්‍රධාන වශයෙන් ම ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දීම,
ගොවීන් ඇතුළු සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් ගේ ඉඩම් උදුරා ගැනීමේ සැලැසුම් නතර කිරීම, මලෛයග ජනතාව ගේ ඉඩම් අයිතිය ඇතුළු ගෞරවාන්විත ජීවිතය තහවුරු කිරීම, කම්කරු – ගෙවි පන්තිය එක්සත්කි රීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ක්‍රියාවලියෙන් වහා ම ඉවත්වීම, උතුරු – නැගෙනහිර ජනතාවගෙන් උදුරාගත් ඉඩම් සියල්ල වහා ම ලබා දීම, ස්වාභාවික සම්පත් කොල්ලය නතර කිරීම, ආහාර ස්වෛරීභාවය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කිරීම, සියලූම මර්දන අණපනත් අහෝසි කිරීම ඇතුළු කරුණු ගණනාවක් ගොවි මැයි දින ප්‍රකාශයෙන් ජනතාව ගේ හා ආණ්ඩුවේ අවධානයට
ලක් කෙරින. මැයිරැළියට සහභාගි වෙමින් විවිධ ජන කණ්ඩායම් වල නියෝජිතයින් වේදිකාවේ අදහස් දැක්වීය. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ උතුරු පළාත් සම්බන්ධිකාරක තේව ක්‍රිෂ්ණන්
අපි අද හැමෝම එකතු වෙලා පොදුවේ දේශපාලනික වෙනසක් ඇති කරලා තිබෙනවා. නමුත් මේ දේශපාලනික වෙනස තුළින් අපි අදහස් කරන වෙනසක් ඇතිවෙලා තියෙන වද කියන එක විමසා බැලිය යුතුයි. ඔබ දන්නවා මේ රටේ සාමය සමානාත්මතාව වැනි අදහස් දේශපාලකයින් විසින් ප්‍රකාශ කරා නමුත් අවසානයේ මුලිලවෛක්කාලවලදී දමිළ ජනයා විශාල පිරිසක් මියගියා. එවන් තත්වයක් තුළ අපි මතක් කළ යුතුයි දැනට අපි මේ දේශපාලන වාතාවරණය තුළ අපි ට කතාවට පමණක් මේ ජනතාවගේ අයිතිවාසිකම් සුරකින තමන්ගේ දේශපාලන පටු අදහස් සාර්ථක කර ගැනීමට ආත්මාර්ථකාමී මංකොල්ලකෑම් සිදුවෙන්න පුළුවන් බව. ඒ්ක උතුරද, දකුණද, නැගෙනහිරද අදාල නෑ. අපි සියලු දෙනා ඒකමුතුව ඒ් ගැටළු වෙනුවෙන් සහෝදරත්වයෙන් එක්වීය යුතුයි. ඔබ දන්නවා මේ වෙනකොට මන්නාරම ප්‍රදේහය කේනද්‍ර කරගෙන සුළං විදුලි බලාගාර ක්‍රයිතාමක වෙනවා. මේ වගේ අවසනා පීඩිතයො බවට පත්වෙන්නේ ගොවියා.මේ නිසා සියලු දෙනාම එක්වී මෙම තත්වය පරාජය කළ යුතුයි.
වලව ගොවි සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ සුදේශ් ගමගේ මෙලෙස සඳහන් කළේය "අපේ අයිතිය උදුර ගෙන අපේ බඩට ගහන
පාලකයින්ට විරුද්ධව අපි නැගිටින්න ඔ්න නිසා ගමයි අපි පැය 10ක් 12ක් ගෙවා ගෙන මන්නාරමට ආවේ. ගොවි මැයි රැළියේ ආරම්භක පියවර අපි 2024 ඇඹිලිපිටියෙන් පටන් ගත්තා. මේ එහි දෙවන පියවර. අපි මන්නාරමට ඇවිල්ලා බැලුවම පේනවා දකුණෙු පිට තියෙන
ප්‍රශ්නම කමයි උතුරේ ගොවීන්ටත් තියෙන්නේ. අපි ඔක්කොම එකයි. අපේ ඇඟේ දුවන්නේ ඒකම ලේ. හැබැයි පාලකයෝ පිව විවිධ විදහට බෙදලා වෙන් කරලා
උන් උන්ගේ බලය අත්පත් කරගන්නවා. මේක තමයි හැමදාමු වුණේ.අපි අද උතුරට ආවේ උන්ට කියන්න අපිව ආපහු බෙදන්න බෑ කියලා. දැන් අපි එකයි. අපි ඔක්කොම අපේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නේ එකට. මොකද උතුරේ දකුණේ කියලා වෙනසක් නෑ. උන් නැත්ිකරන්න හදන්නේ අපේ දරුවන්ගේ අනාගතය. මේකට තියෙන එකම උත්තරය තමයි ගොවි බලය. අපි ඒ් ගොවි
බලය එකමුතුව ගොඩනගන්න තමයි මේ සහෝදරත්වයෙන් සූදානම් වෙන්නේ.
මෙම මැයි රැළියට එක්වූ මනානාරම ධිවර සංගමයේ ලේකම් මොහොමඩ් හලීම් මහතා අදහස් දැක්වූයේ
මේ අයුරිනි.
මන්නාරම කියන්නේ කිලොමීටර් 4ක් පළල කිලොමීටර් 30ක් දිග ඉතා කුඩා දූපතක්. මන්නාරමේ එක් පැත්තකින් මුහුද සූරාකනවා, අනිත් පැත්තෙන් ඉඩම් සූරාකනවා, අනිත් අතට සුළඟ සූරාකන්න හදනවා.මේ නිසා සම්පත් සූරාකෑම අතින් මන්නාරම කියන්නේ ප්‍රධාන තැනක්. මේ සූරාකෑම නිසා මේ පළාතේ ජනතාවට ජීවනෝපාය අහිමිවෙලා තියෙන්නේ. මන්නාරමේ ඉන්නවා ධිවර කර්මාන්තයෙන් යැපෙන පනස්දාහක් විතර. මේ ඉන්දීය ට්‍රොල්ර් යාත්‍රා නිසා අද වෙනකොට රැකියාව කරගන්න බැරිවෙලා තියෙනවා. ඊයෙ පෙරෙදා මොඩි අගමැතිතුමා ලංකාවට ආවා. එයා අපේ ජනාධිපති එක්ක ගහපු ගිවිසුම් වල මත්ස්‍ය සම්පත් ගැන මෙනවා හරි තිබුනද කියලා අපි දන්නේ නෑ.අපි ආන්ඩුවට කියනවා ඒ් ගහපු ගිවිසුම් වල තියෙන්නෙ මෙනවාද අපේ මත්ස්‍ය සම්පත ගැන තියෙනවාද කියලා රටට කියන්න කියලා. මේ ආණ්ඩුව ගෙනාවේ ජනතාව. මේ අණ්ඩුවත් යන්නේ අර පරණ ආණ්ඩු ගිය පාරේ නම් ඊළඟට මේ ආණ්ඩුව පෙරළන්නත් අපිට පුළූවන්.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති ටෙරන්ස් ගාමිණි.
ගොවි තැන කියන්නේ ගොවිගයාගේ තැන දැන් නැත්තටම නැති කරලා ඉවරයි. අපි ගොවිතැන් කලේ ඉඩගින්න නැතිකරගන්න. දැන් වෙලා තියෙන්නේ ලාභ ලබන්න ගොවිතැන් කරන්න. ලාභ ලබන්න අස්වැන්න
වැඩියෙන් ගන්න දැන් ගොවිතැන නැත්තං ගොවියාගේ තැන නැතිකරමින් ඉන්නවා. ලාභය අවශ්‍ය නිසා ජාන විකෘති කරපු බීජ දාලා රසායනික පොහොර දාල යන්ත්‍ර සූත්‍ර දාලා දැන ගොවියා ව්‍යාවසායකයෙක් කරලා තියෙන්නේ. එහෙම අස්වැන්න වැඩිවුනා කියලා ගොවියාගේ බඩගින්න නිවාගන්න බැරිවෙලා තියෙනවා. පාරිොභා්ගිකයාට අඩු
මිලට කන්න ලැබිලත් නෑ. මෙහෙම ගියාම වෙන්නේ අපේ අනාගත පරම්පරාවට මන්දපෝෂණය හැදෙන එක. බයවෙන්න එපා මන්දපෝෂනය හැදුනා කියලා ආණ්ඩු අපිට මැරෙන්න දෙන්නේ නෑ. එයාල සහනාධාර දෙනවා. පාලකයෝ ලැජ්ජ නැතුව කියනවා සහනාධාර වැඩිකළා කියලා. සහනාධාර වලින් ගොඩ ගිය රටක් නෑ. නව ලිබරල්කියන්නේ අපේන උදුරාගෙන උන් පෝසත් වෙන සිස්ටම් එකට.
මේ ක්‍රියාවලියට එරෙහි වෙන්න තනියම බෑ. මේ නිසා තමයි අපි මේ විදිහටඒ්කරාහි වෙලා මේ උන්ගේ සිස්ටම් එකට විරුද්ධව සටන් කරන්න ඔ්න.
රතුගල ආදිවාසී නායක සූදාවන්නිලෑත්තෝ
මේ රටේ මුල් පරම්පරාවේ අයිතකාරයොවිදහට මේ කැලේ ආරක්ෂා කලේ අපි. නමුත් ඉඟෝනියාගල සංවර්ධන ව්‍යාපෘතිය නිසා අපි කැලෙන් ඒලියට දැම්මා. අපි ගොවිතැන් දන්නේ නෑ. දඩයමින් ජීවත්වුනේ. දැන් අපිට අපේ ජීවිකාව විතරක් නෙවෙයි සංස්කෘතිය මේ හැම ඒකක්ම නැතිවෙලා. අපි අපේ අයිතිය වෙනුවෙන් අද මන්නාරමට ආවේ. ඔ්බ එක්ක එකතුවෙලා සටන් කරන්න.
විමුක්ති ද සිල්වා – ජාත්‍යන්තර සුළු ගාවි ව්‍යාපාරය
ලෝක බලවතුන්ගේ නිදහස් වෙළඳ ගිවිසුම් නිසා බරපතළ ආකාරයට වින්දිත
භාවයට පත් වෙලා ඉන්නේ ලෝකය පුරා ඉන්න ආහාර නිෂ්පාදකයින්. වර්තමාන ආණ්ඩුව පවා අපට කියන්නේ අපට කන්න වවන්න නෙවෙයි. රට පටවන්න වවන්න කියලා. මේක ඩොලර් නිසා පිස්සු හැදිලා ඉන්න ආණ්ඩුවක්. අනික් අතට මේ වෙන කොට ලෝක බලවතුන් විසින් බරපතළ ආකාරයේ ඉඩම් මංකොල්ල සිදු කරමින් ඉන්නේ. ඔවුන් ලෝකය පුරා යුද්ධ ඇති කරමින් ඉඩම් මංකොල්ල කමින් සිටිනවා. පලස්තීනයේ හයිටියේ, ඊජිප්තුවේ අද සිදු වෙමින් තියෙන්නේ මේක. අහාර නිෂ්පාදකයාට තමයි මහ පොළොව අයිති. ඒ් අයිතිය උදුරා ගන්න කිසිවකුට බෑ. ස්වාභාවික සම්පත් බලවතුන්ට අවශ්‍ය විදිහට සංවර්ධනයට මුවා
වෙලා පැහැර ගන්න ඉඩ දෙන්න බෑ. මේ නිසා අපට වෙන් වෙන්ව නොවෙයි ගෝලීය වශයෙන් සංවිධානය වෙලා අරගල කිරීම අත්‍යවශයයි. ශ්‍රී ලංකාවේ තත්වය දිහා බැලුවම අපි දන්නවා මේ ක්ෂද්‍ර මූල්‍ය ණය ලංකාවේ ගොවි කාන්තාවන්ගේ ජීවිත අහිමි කරවන තත්වයට පත්වෙලා තියෙන්නේ . මේ නිසා ලෝකය පුරා ස්ත්‍රී ගොවි ව්‍යාපාරයක් විදිහට අපි පැහැදිලිව කියනවා ඊට ඒරෙහිව සටන් කළ යුතුයි. ආහාර නිෂ්පාදකයින්ගේ අයිතීන් අහිමි කරවනමෙවැනි ක්‍රියාවලිට විරුද්ධව ගොලීය ගොවි ව්‍යාපාරයක් විදිහට අපි සංවිධානයවෙමින් ක්‍රියා කරමින් සිටිනවා. සටන ගෝලීයයි අරගලය ගෝලීයයි.
නැගෙනහිර පළාත් ජනතා සැලසුම් සංසදය කේ රාසලිංගම්
අපේ රටේ විශාල වශයෙන් නැගෙනහිර ප්‍රජාව ගොවීන් මුහුණ දෙන ගැටලුවක් බවට පත්වෙලා තියෙන්නේ මේ ඉඩම් මංකොල්ලය. පූජා භූමි හැටියට සහ ඒ් වගේම භූ විද්‍යා පරීක්ෂණ හැටියට සහ තවත් සමහර වන ජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම්වලට මේ වගේ විවිධ ක්‍රියාකාරකම්වලට මුවාවෙළා තමයි නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් මං කොල්ලය සිදුකරන්නේ. මයිලත්තමඩු වල ගව පාලනය කරන ගොවීන් විශාල වශයෙන් ඉන්නවාත ඔවුන්ගේ වෙයින්ට අවශ්‍ය තෘණ භූමි ටික මේ වෙනකොට මංකොල්ල කමින් තිබෙනවා. ඔවුන් දැන් වසර ඒකහමාරකට වැඩ කාලයක් අරගලවල නිරත
වෙමින් සිටිනවා.
අපි අද මේ මූණ දෙන අභියෝග වලින් නිදහස් වෙන්න නම් අපේ රටේ ගොවි ජනතාවගේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් රැක ගනිමින් ඒ සඳහා අපි නායකත්වයක් ඇතිකළ යුතුයි. අරගල කිරීමෙන් තමයි අපේ අයිතිවාසිකම් ලබාගන්න පුළුවන් කියන කාරණව අපි අත්දැකලා තියෙනවා. අරගලයෙන් තොරවිසදුමක් නෑ.
ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මේ දකින හැම සටන් පාඨයක් තුළම තියෙන්නේ අපේ ජීවිත එක්ක ගැටගැහුණුප්‍රශ්නයක්. එතකොට මේ වේදිකාවට අපි අරං ඇවිල්ලා තියෙන්නේ අපේ ජීවිත වලට ඉතා බලපාන ප්‍රශ්න රැසක්. මේ තියෙන ප්‍රශ්න සියල්ලම තිමයි අපි සූරාකෑම, මර්ධනය සහ පීඩනය කියලා කියන්නේ. ඒ් සියල්ලට එරෙහිව ගොවි
බලය ගොඩනඟන්න තමයි අපි මන්නාරමට ආවේ. මේ පීඩාවට පත්වෙලා ඉන්න ගොවියාගේ ධිවරයාගේ, කම්කරුවාගේ පීඩිතයාගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන තමයි අපි මේ මන්නාරමේදී සපථ කරන්නේ. මේ අපි කියපු හැමප්‍රශ්කයකින්ම පීඩාවට පත්වෙලා ඉන්න වින්දිත මිනිස්සු තමයි මේ වාඩිවෙලා ඉන්නේ. ඔවුන් කල්පනා කරන්නේ හෙට වගාව අලින්ගෙන් බේරගන්නේ කොහොමද,ඉඩම බේර ගන්නේ කෙහෙමද?,අපේ වැව් ටික බේරගන්නේ කොහොමද ? අපේ මුහුදේ චීන ඉන්දියානු ධිවරයෝ අවිල්ලා මාළු ටික ගෙනියනකොට විරැද්ද වෙන්නේ කෙහෙම ද ? කියන ප්‍රශ්න වලට තමයි ඔවුන් උත්තර හොයමින් ඉන්නේ. මේ සියල්ලට තනි තනිව උත්තර හොයන්න අමාරුයි. අපි ඔක්කොම එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් වැළඳගත්තොත් විතරයි අපිට මේ ප්‍රශ්න වලට සටන් කරලා උත්තර හොයන්න පුළුවන්. ඒ් සඳහා තමයි ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වන ක්‍රියාකාරීත්වය අපි ගොඩනගලා තියෙන්නේ. අපි සියලු දෙනා එකතුවෙලා අපේ අයිතිවාසිකම් දිනාගනිමු.