‘දුස් තොරතුරු’ වාර්තා කළැයි පකිස්ථාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කරයි

 

0

පකිස්ථාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

The Hindu පුවත්පත වාර්තා කර ඇත්තේ, කාශ්මීරයේ පෙ‍හෙල්ගම් ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට සහ එරට හමුදාවට එරෙහිව ‘දුස් තොරතුරු’ වාර්තා කර තිබීම හේතුවෙන් මෙලෙස පකිස්ථානු යූ ටියුබ් නාලිකා 16ක් තහනම් කළ බව ය.

(අප්‍රේල් 28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පියවර ගනු ලැබ තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම තහනමට ලක්වූ පාකිස්ථාන යූ ටියුබ් නාලිකා 16 ම මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුක්ත බව ය.

අප්‍රේල් 22 වන දා දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම්හි වෙඩි තැබීම් සිදු වූ අතර එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *