දේශබන්දුට ඇප

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 10) නියෝගය කර තිබේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

2023 දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කෙරිණි.

කෙසේ වෙතත්, මෙම නියෝගය ලබා දී දවස් 20කට ආසන්න කාලයකට පසු දේශබන්දු තෙන්නකෝන් මාර්තු මස 19 වන දා අධිකරණයට භාර විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *