ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම පිළිබද මහනුවර දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරීම – නදීක දයා බණ්ඩාර

දූෂණ විරෝධී ජාතික සැලැස්ම පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද සිදුවිය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික උත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මාර්ගගත තාක්ෂණය ඔස්සේ කොළඹදී පැවැති ජාතික උත්සවය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යය මණ්ඩලය වෙත ලබා දෙමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.