ඉන්ධන පෝලිම්වලට හේතුව රජය හෙළි කරයි

රට තුළ කිසිදු තෙල් හිඟයක් නොමැති බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (මාර්තු 1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ය.

රට තුළ තෙල් හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා සුළු කණ්ඩායමක් විසින් හිතාමතා ගැටලුකාරී තත්ත්වයක් ඇති කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“සාමාන්‍යයෙන් ඇණවුම් 1100ක් 1200ක් අතර ප්‍රමාණයක් එනවා. මේ කියන දවස් දෙක තුනේ ඊටත් වඩා ඇණවුම් කරලා තියෙනවා. හැබැයි ඇණවුම් කෙරුවට සමහර තෝරාගත්තු බෙදුම්කරුවන් ප්‍රමාණයක් ඒකපාර්ශවිකව තීන්දුවක් අරගෙන තියෙනවා ඉන්ධන බෙදා හරින්නේ නෑ කියලා. හැබැයි ඒක නිල වශයෙන් දැනුම් දීලා නෑ. සමාජ මාධ්‍යට හරහා මිනිසුන්ව නොමග යැවීමක් තමා තියෙන්නේ. අපිට පෙනෙන්නේ හිතාමතා ම සුළු කණ්ඩායමක් විසින් මේ මොහොතේදී රට තුළ යම් ගැටලුකාරී තත්ත්වක් තියෙනවා පෝලිම් යුගයක් එනවා කියලා කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට කරපු දෙයක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed