ඌරන්ට තැබු වෙඩිල්ල වැදී දැරියක් මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

0
හෙට්ටිපොළ පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් ඊයේ (පෙබ. 27)රාත්‍රියේ දැරියක මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 9ක්වූ හෙට්ටිපොළ, මඟුලාගම ප්‍රදේශයේ පදිංචි දැරියකි.

මිය ගිය දැරිය සිය මිත්තණිය සමග නිවසේ රැඳී සිටියදී අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑගසන ශබ්දය ඇසි එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම දැරියට වෙඩි වැදී ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.

මෙම වෙඩි තැබීම සිදු කළ බවට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ත් ඔහු වයස අවුරුදු 48ක් වන මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ත් පොලිසිය පැවසීය.

සැකකරු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

හෙට්ටිපොළ පොලිසිය  මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *