හරිත කන්දේ සුන්දරත්වය සුරකිමු.- චන්දන ජයවීර හැටන්

හරිත කන්ද යනු ස්වභාවය සෞන්දර්යෙන් හෙබි කදු තරණය කරන්නන් වඩාත් කැමති ප්රාදේශයකි.
හැටන් – බගවන්තලාව මාර්ගයේ පැමිණ බගවන්තලාව තේ වතුයාය සිට ඉතා සුන්දර වූත් තරමක දුෂ්කර වුත් ගල් පඩි පේලී හා කලු ගල මතින් වැටුන මාර්ගයක් ඔස්සේ පැය දෙකක පමණ දුරක් තරණය කිරිමෙන් අනතුරුව ලගා විය හැකි කදු මුදුනකි.
මුහුදු මට්ටමේ සිට මිටර් 1800 ක පමණ වු උසකින් පිහිටි එම ස්ථානය ට ශ්‍රී පාදස්ථානය, කාසල්රි ජලාශය,බගවන්තලාව නගරය,බෝපත්තලාව ගොවිපල සහ තව ස්ථාන රැසක් හරිත වර්ණයෙන් දිස්වන සුන්දර ස්ථානයකි.
එමෙන්ම එම කදු මුදුණ හැටන් හා නුවරඑළිය අඩවිවන වන සංරක්ෂණ සිමාව වෙන් කරන මායිම ද වේ.
එම අතිශය සුන්දර ස්ථානය වෙත පැමිණෙන ඇතැම් පිරිස් ඔවුන් විසින් රැගෙන එන පොලිතින් ,ප්ලාස්ටික් හා නොදිරන ඝන අපද්‍රව්‍ය හා විවිධ බීම ටින් ,විදුරු මත්පැන් බෝතල් තැනින් තැන දමා යාම නිසා මෙම ස්වභාවික සුන්දර පරිසරය අපවිත්‍ර වෙමින් පවති.
හරිත වර්ණ ලදු කැලෑව ගිනිතබමින් ඇතැම් පිරිස් පහත් විනෝදයක් ලැබීම නිසා බොහෝ ස්ථාන වල ස්වභාවික ගස් ,වැල් ගිනිගෙන විනාශ වී තිබේ
ස්වභාවික ජල උල්පත් හා විවිධ මල් වර්ග මෙන්ම කුරුලු හා වන සතුන්ගෙන් ගහනවු මෙම සුන්දර පරසරය ආරක්ෂා කර මතු පරපුර වෙත දායාද කිරිම එහි යන කාගේත් වගකීමකි .