අර්ච්චුනාගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනය කළ කමිටුවේ වාර්තාව සභාගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කතානායකවරයා අද (පෙබ. 21) දැනුම් දුන්නේ ය.
නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන් විජිත හේරත්ගේ සහ ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බව කතානායකවරයා නිවේදනය කළේ ය.
කතානායකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව ය.