ගණේමුල්ලේ සංජීව ඝාතනය: සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාව හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

පොලිසිය සඳහන් කළේ, මෙම සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතිනම් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

  • අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591727
  • ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735

අදාළ සැකකාරියගේ විස්තර පහතින් දැක්වේ.

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇත.

එමෙන් ම, තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද පොලිසිය සඳහන් කළේ ය.

අලුත්කඩේ මහේස්ත්‍රාත් සංකීර්ණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (පෙබ. 19) ඝාතනයට ලක්විය.

පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන වෙඩික්කරු ඊයේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *