මීනගයා දුම්රියේ ගැටී වන අලි 6ක් මරුට, අලි දෙදෙනකුට තුවාල

හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුව දෙස සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී වන අලි 6ක් මිය ගොස් ඇති අතර තවත් අලි දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය ප්‍රකාශ කළේ, අද (පෙබ. 20) අලුයම් කාලයේදී මෙම දුම්රියේ වන අලි 8 දෙනෙකූ ගැටී අනතුරට ලක්වී ඇති බව ය.

අනතුරින් දුම්රිය එන්ජිම පිලි පැනීමට ලක්වී ඇති අතර මගීන් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැත.

තුවාල ලද වන අලි දෙදෙනාට වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කරනු ලබයි.

මේ පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *