අයවැයෙන් පඩි OT වැඩිවෙන හැටි ගැන ඇමති මහින්ද ජයසිංහ කියයි – ඉමල්ෂා නෙත්මිණි

මෑත ඉතිහාසයේ මෙතෙක් සිදුවූ වැඩි ම වැටුප් වැඩි වීම රාජ්‍ය සේවකයා වෙත ලබා දී ඇතැයි ඇමති මහින්ද ජයසිංහ මැතිසබයේදී ප්‍රකාශ කළේ ය.

තවදුරට ත් අදහස් දැක්වූ එතුමා මෙසේ සඳහන් කළේ ය.

“මූලික වැටුප වැඩි වී තිබුණේ නැහැ. අපේ ආණ්ඩුවේ කිසි ම කෙනෙක් අවලාදවලට සැලෙන්නේ නැහැ. මේ අවුරුදු පහ රට ගොඩනඟා මිස ආපසු හැරෙන්නේ නැහැ. ජනතාව අප වෙත තැබූ විශ්වාසය ඉහළින් ම ආරක්ෂා කරන බව කිව යුතු යි. මේ අයවැය යනු දිගු ගමනක ආරම්භක පියවර පමණයි. අවසානය නොවේ. පිට කවරෙ විතරක් බලලා සහතික ලියන්න එපා. ඇතුළ බලන්න. පී.එල්.වන් කියන්නේ රාජ්‍ය සේවයේ අවම වැටුප අද දවසේ ප්‍රාථමික සේවය සඳහා සේවයට බැ‍‍ඳෙන නුපුහුණු කම්කරු ශ්‍රේණියට බැ‍‍‍‍ඳෙන කෙනාගේ වැටුප තමයි 24,250ක් කියන්නේ. ඒක තමයි රුපියල් 40,000ක් දක්වා මූලික වැටුප වැඩිවුණේ. අපි කොහෙවත් හංගලා නැහැ. එතකොට මූලික අවම වැටුප රුපියල් 15,750කින් වැඩි වෙනවා.

මේ වන විට රාජ්‍ය සේවකයන්ට දීමනා වර්ග 2ක් දෙනවා. එකක් තමයි ජීවන වියදම් දීමනාව රුපියල් 17,800යි. පසුගිය කාලේ වැඩි කරපු රුපියල් 7500ක් තිබෙනවා. මෙන්න මේ 7500 අර කියන 15,750ට එකතු වෙනවා. මේ ඉතිරි අගය අප්‍රේල් මාසයේ සිට සියලු රාජ්‍ය සේවකයන්ට ලැබෙනවා. හර්ෂ ද සිල්වා මන්ත්‍රිතුමා මතු කළේ පී.එල්. 1 වැටුප ගැන පමණයි. එතුමා අනිත් වැටුප් ගැන කතා කළේ නැහැ. රුපියල් 5000කුත් ඉතිරි 325 නේ. 975කුත් මේ වසරේදී වැඩි වෙනවා. එතකොට රාජ්‍ය සේවයේ පී.එල්.1 කාණ්ඩයේ අවම වැටුප රුපියල් 5,975කින් වැඩිවනවා.

රාජ්‍ය සේවයේ හැම කෙනෙක්ගෙ ම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩිවනවා. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරි සේවය දැන් තිබෙන වැටුප 28,940යි. ඒ වැටුප වැඩිවනවා ලබන වසර 3ක් තුළ මූලික වැටුප 50,630ක් ලෙස. අද දවසේ ග්‍රාම නිලධාරි සේවයට බැ‍‍ඳෙන මහත්මයකුගේ වැටුප රුපියල් 9,257කින් වැඩිවනවා.

වෛද්‍ය නිලධාරීන්ගේ මේ මොහොතේ සේවයට බැ‍‍ඳෙන වැටුප 54,290යි. එය 91,750 දක්වා මූලික වැටුප ලෙස වැඩිවනවා. දල වැඩි වීමෙන් 7500ක් අඩුකරලා ඉතුරු එකෙන් 30%ක් අප්‍රේල් මාසයේ පළමු වන දා සිට ලැබෙනවා. එතකොට එම්.ඕ. කෙනෙක්ගේ වැටුප රුපියල් 8998 + 5000ක් ලෙස 13,988කින් වැඩිවෙනවා.

සමහරු කියනවා ඕටී එක අඩුවනවා කියලා. එහෙම වෙන්නැහැ. දැන් ඕටී පැයකට ගෙවන්නේ රුපියල් 687යි. අලුත් වැටුප් වැඩිවීමත් එක්ක ඕටී පැයකට මම කියන්නේ අලුතින් බැ‍ඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙක් ගැනයි. ඒ අනුව ඕ.ටී. එක රුපියල් 764ක් වනවා.

ඒ වගේ ම සංවර්ධන නිලධාරි මහත්මයෙක්ගේ 37,260 වැටුප 63,440දක්වා වැඩිවනවා. එහි වෙනස රුපියල් 26,187ක් ලෙස එයින් 18,687ක් ලැබෙනවා. වෙනස 26,187යි. එයින් 18,687ක් ලැබෙනවා. සංවර්ධන නිලධාරියෙකුගේ වැටුප අ‍ප්‍රේල් 1 වන විට රුපියල් 10,600කින් වැඩිවනවා.

ගුරු වැටුප ගත්තොත් ගුරු සේවයේ අවම වැටුප රුපියල් 31,490යි. ඔහුගේ වැටුප් වර්ධකය රුපියල් 445යි. ඔහුගේ වැටුප වැඩිවනවා රුපියල් 53,060ක් දක්වා වසර 3ක් තුළ. වැටුප් වර්ධකය 860ක් වනවා. 31,490 සිට 39,211 වෙනවා. අප්‍රේල් මාසයේ පළමු වන දා වැටුප ඒ අනුව රුපියල් 7,721ක වැටුප් වැඩිවීමක් ලැබෙනවා. ගුරුවරුන්ට අප්‍රේල්වල අවුරුදු 5ක් ගිය කෙනෙකුට රුපියල් 8,253ක් වනවා. ඒක 3.1%ක වැටුප් වැඩිවීමක් අප්‍රේල්වල උපාධිධාරි ගුරුවරයෙක් ලෙස අද සේවයට බැඳෙන කෙනාට රුපියල් 50,020ක මූලික වැටුපක් ලැබෙනවා. ඒකට 17,800ක් එකතු වෙනවා. 67,800ක් රුපියල් එවිට.

අප්‍රේල් 1 වන දා ට දෙකයි දෙක ගුරු ශ්‍රේණියේ ගුරුවරයෙක් ගෙදර ගෙනියනවා රුපියල් 56,236ක් සමඟ රුපියල් 17,800ක්. එවිට 73,350ක්. ඒ වැටුප දැක්වෙනවා.

ඒ වගේ ම දෙකයි එක ශ්‍රේණියේ ගුරුවරයෙක්ගේ දැන් වැටුප 47,425යි. ඒක 81,780ක් දක්වා වැඩිවෙනවා. ආසන්න වශයෙන් 83,000ක වැඩිවීමක් ඒ වගේම පළමු වැනි පන්තියේ ගුරු වැටුප 56,770ක්. ඒක 98,580ක් දක්වා වසර 3ක් තුළ වැඩිවෙනවා. විදුහල්පති ශ්‍රේණිය 3 සඳහා රුපියල් 42,175යි. වැටුප එය 72,280ක් දක්වා වැඩිවනවා. එමෙන් ම, විදුහල්පති 2 ශ්‍රේණිය 48,685යි. ආරම්භක වැටුප. එය 86,370 දක්වා වැඩිවෙනවා. විදුහල්පති පළමු වන පන්තිය වැටුප් වැඩිවීම දැන් තියෙන්නේ 58,345යි. ඒක එක්ලක්ෂ තුන්දහස් හතළිහ දක්වා වැඩිවෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *