මිද්දෙණිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 6 හැවිරිදි දැරියක් මරුට: වැඩිදුර තොරතුරු

0

මිද්දෙණිය, කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබ. 18) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හය හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 10:15ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.

පොලිසිය පවසන්නේ, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බව ය.

වෙඩි තැබීමෙන් එම පුද්ගලයා මෙම සිද්ධිය වූ ස්ථානයේදී ම මිය ගොස් ඇති බව ත් යතුරුපැදියේ ගමන් කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති බව ත් පොලිසිය පැවසීය.

තුවාල ලැබූ දරුවන් දෙදෙනා මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 39ක් පුද්ගලයෙක් හා වයස අවුරුදු 6ක් පමණ වන ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම වෙඩි තැබීමට ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බව ත් සිද්ධිය වූ ස්ථානයේ වලස්මුල්ල මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ත් පොලිසිය සඳහන් කළේ ය.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *