2025 ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 370,000 ඉක්මවා යයි – හිරුණි ලක්ෂිකා

ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා ගොස් ඇත.
එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පෙබරවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. රුසියාව සහ එක්සත් රාජධානිය දෙවනුවට සහ තෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි රටවල් ය.