ඩුබායි සිට මෙහෙයවන ලද මහ පරිමාණ අයිස් ජාවාරමක් අත්අඩංගුවට, සැකකරුවෙකු මාරවිල වෙළද සල් හිමියෙක් – ප්‍රසාද් පුර්ණමාල්

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමිව ප්‍රදේශයේ මත්ද්‍රවය තුරන් කිරීමේ වැඩ පිළිවෙල යටතේ හලාවත කොධ්ධාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය මාරවිල මාවිල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී
රුපියල් කෝටි දෙකහාමාරක් වටිනා අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය විකුණා ලබා ගත් බවට සැක කරන රුපියල් පන්ලක්ෂ පනස් තුන්දහාසක මුදලක් , කිරුම් උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

හලාවත පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි හලාවත සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීම මත හලාවත කොධ්ධාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් 12845 සමන් ,53906 බණ්ඩාරනායක , 61160 රාජපක්ෂ පොලිස් කොස්තාපල්වරුන් වන 82069 ප්‍රියංග ,84590 දසනායක යන නිලධාරීන් මේ වැටලීම සිදු කරන ලදී

මේ ජවාරම ඩුබායි සිට මෙහෙයවා ඇති බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබී තිබේ . අත්අඩංගුවට පත් සැකකරුවන් මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 24 හා 37 වැනි වයස් වල පසු වෙයි . 24 හැවිරිදි පුද්ගලයා වෙළද සල් හිමිකරුවෙකු බවටද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත .

අත්අඩංගුවට පත් මත්ද්‍රවය අතර අයිස් ග්‍රෑම් 719 ක් හෙරොයින් ග්‍රෑම් 366 ක් වෙයි .

මේ මත්ද්‍රවය ,උපකරණ හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා මාරවිල පොලිසියට භාර දී ඇත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *