“සිරසාභි නෘත්‍යා” කළඑළි මංගල්‍යය -චන්දන ජයවීර – හැටන්

අඹගමුව කෝරළය සංස්කෘතික බල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අඹගමුව දේවිකා කලායතනයේ උඩරට නර්තන කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යවන් අභිශේක ගන්වන හිස්වෙස් හා ශිර්ෂාභරණ පැළදවීමේ කලා මංගල්‍යය ඉකුත් දා අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේ දී අති උත්සර්ෂවත් ලෙස පැවැතිවිය.
“සිරසාභි නෘත්‍යා” ලෙසින් නම් කර තිබු මෙම කලා මංගල්‍යය තුල දී හිසවෙස් හා ශිර්ෂාභරණය පැලදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 22 කි.
උඩරට නර්තන කලාව හැදෑරිමට අත් පොත් තබා වසර ගනනාවක් අධ්‍යයනය ලැබීමෙන් පසු නර්තන විෂය පිළිබද ප්රාගුණ්යයක් ලබා සිටින ශිෂ්‍ය ශිෂ්යෘවන් මාස තුනක පමණ කාලයක් එක දිගටම පුරුදු පුහුණුවීම් කොට දින 21 ට පෙර කප් සිටුවා පේවී සුභ මුහුර්තියෙන් හිස වෙස් හා ශිර්ෂාභරණය පලදින ලදී.
එම කලායතනය විසින් දෙවන වරට පවත්වන ලද මෙම කළඑළි දැක්ම මංගල්‍යය අවස්ථාවට මාහා සංඝරත්නය, අඹගමුව කෝරළය සංස්කෘතික නිලධාරි නන්දන බණ්ඩාර,අඹගමු මධ්‍ය විද්‍යාලයේ විදුහලිපති සුනිල් ශාන්ත ඇතුළු ගුරුවරු.නර්තන ශිල්පීන්,දේවිකා මල්කාන්ති ඇතුළු කලායතනාධිපතිවරු,දෙමාපියන් ,දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ .