නිදහස් දිනය නිමිත්තෙන් පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රැදවුවන් 17කට ජනපති සමාව – නදීක දයා බණ්ඩාර

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රැදවුවන් 17 දෙනෙකු ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව ගියේය.
එම බන්ධනාගාරයේ අධිකාරී චම්පික ගජනායක මහතාගේ අධීක්ෂණය මත මෙම රැදවුවන් පිටව ගිය අතර රැදවුවන්ගේ සුවදුක් විමසීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද විශේෂ අවස්ථාවක් හිමි විය.
සුළු වරදවල් සම්බන්ධයෙන් සිරගතවූ රැදවුවන් නිදහස ලැබූ අතර ඔවුන් නිදහස ලබා පිටව ගිය අවස්ථාව සඳහා බන්ධානාගර සහකාර අධිකාරීවරුන් වන අසිත ගුණතිලක, ටී.එම්.ජයකොඩි, ප්‍රධාන ජේලර් ආර්.එන්.අරවින්ද යන මහත්වරුන් එක්වූහ.