කොළඹට හෙට විශේෂ රථ වාහන සැලැස්මක් – සචිනි සිරිවර්ධන

බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව පැවැත්වීම හේතුවෙන්.ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක හෙට (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
බෝරා ප්‍රජාවගේ බම්බලපිටියේ ඇති දේවස්ථානයේ සහ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළුව හෙට සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
විවිධ රටවල සිට 15,000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.