නැගැනහිර කාන්තාවන්ට කරිටාස් ආයතනයෙන් ජීවන අත්වැලක් – මෙලනි මානෙල් පෙරේරා
කාබනීක වගාවක ඇති වටිනාකම හඳුන්වා දෙමින් , එය ඔවුන්ටත් දරුවන්ටත් , අනාගතයට ත් කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පෙන්වාදීමට සහ ඔවුන්ගේ ආර්ථීකයට ශක්තියක් වීම සඳහාත් කරිටාස් – නැගෙනහිර පළාත් මානව ආර්ථීක සංවර්ධන ආයතනය විසින් තැබූ පියවරක ආරම්භයක් පසුගියදා විවෘත කළේය. වගා භාණ්ඩ බෙදාදීමක් ද සිදුවුණි. “සෞඛ්‍ය සම්පන්න එළවලු සහ හොඳ ආර්ථිකයක්” තමන්ට ලැබුණු ප්රතිලාභ බව කාන්තාවෝ ප්‍රකාශ කළහ.
වාර්තාකාරිණිය, මෙලනි මානෙල් පෙරේරා යන අය විසින් පසුගිය සෙනසුරාදා – ජුනි 29 වෙනි දා, මඩකළපුව – අය්යන්කර්නි ප්‍රදේශයේ දී නව ප්‍රජා වෙළෙඳපොළ විවෘත කරනු ලැබිණි.“පෙනුමෙන් ලස්සණ වුනත් වස විස සහිත ආහාර තමයි අපි දීර්ඝකාලයක් අනුභව කළේ. ඒවා අනුභව කරලා අපි අසනීප වුණා. නමුත් අපිට හඳුන්වා දුන්න මෙි කාබනීක වගාව නිසා අද අපි , අපේ
දරුවෝ, වස විස නැති නැවුම් එළවළු අනුභව කරනවා. අපේ ගෙවතු වගාවන්වලින් අලෙවි කරන්න ගෙනත් තියෙන මේ විස නැති සෞඛ්‍ය සම්පන්න එළවළු ටික දැක්කම හරිම සතුටුක් දැනෙනවා” යැයි එරාවුර්පත්තු ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් කාන්තාවක් වන සුල්ෆිකා මෝජෝ පුවත් වෙත පැවසීය.
“මෙතැන් පටන් අපේ දරුවෝ කාබනීක එළවළු අනුභව කරන්න වාසනාවන්ත වුණා. ඒ වගේම ආර්ථීක අර්බුදයක් තිබෙන කාලයකදී අපේ ආර්ථීකය ශක්තිමත් කරගන්න වාසනාව ලැබුණා. ඒ නිසා අද අපිට යම්කිසි ඉතිරියක් කරගන්නත් වාසනාව ලැබුණා. ඒ නිසා, අපිට ලබාදුන්න මේ ප්රතිලාභ වලට කැෆර්ඩ් ව්‍යාපෘතියටත් , කරිටාස් නැගෙනහිර පළාත් මානව ආර්ථීක සංවර්ධන ආයතනයටත්, ගරු අධ්‍යක්ෂක ජෙයනික්සන් පියතුමාටත් කරිටාස් ජාතික ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා” යැයි හම්සියා කීවේය.
පුන්යාරාමාධිපති පූජ්‍ය දඹගල්ලේ වනරතන හිමි ද, එරාවුර් අල් මද්ද්රසාවුල් මුහමධියා හී අධ්‍යක්ෂක කේ. එම්. එම්. කබීර් මවුලවීතුමා ද, චෙන්කලාඩි මීසම්සේවක ගරු නිහාස්ටන් පීටර්ස් පියතුමා ද සභාව ඇමතූහ.
