ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවෙි සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා 2024 ජූනි 20 වන දින, එනම් අද දින ශ්‍රී ලංකාවෙි නිලසංචාරයක නිරතවීම සදහා දිවයිනට පැමිණි බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි.
සංචාරය අතරතුරදී, එතුමා හවුල්කාරිත්වය හා සම්බන්ධ පුළුල් පරාසයක කරුණු රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකත්වය සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
මෙය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා යටතේ නව රජය පිහිටුවීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් සිදු කරන පළමු ද්විපාර්ශ්වීය සංචාරය වේ.
ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය තහවුරු කරමින් මෙම සංචාරය සිය සමීපතම සමුද්‍රීය අසල්වැසියා වශයෙන් හා විශ්වාසදායි මිතුරා වශයෙන් ශ්‍රී ලංකාව වෙත ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරන බව පුවත්පත් දැන්වීමේ සදහන් වේ.
මෙම සංචාරය සම්බන්ධක ව්‍යාපෘති සහ අංශ හරහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවයට ශක්තියක් එක් කරනු ඇත.