මහ දවල් කුලියාපිටියෙන් අතුරුදන්වූ සුසිත් හලාවත මාදම්පෙන් හමුවෙයි – හිරුනි ලක්ෂිකා

සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා මහ දවල් අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව
අනාවරණය වී තිබේ.

අතුරුදන් වූ තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා හලාවත මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත වනාන්තරයේ දමා තිබියදී ඊයේ පෙරවරුවේ සොයා ගැනීමට
පොලීසියට හැකි වී ඇත. ‍

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි ව සිටි 31 හැවිරිදි සුසිත ජයවංශ අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වුයේ ඉකුත් අප්‍රේල් 22 වනදාය.

සුසිත ආහාරපාන වෙළෙඳසැලක් පවත්වා ගෙන යන අතර ඔහු පසුගිය අප්‍රේල් 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල
ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබු අතර එතැන් පටන් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

අතුරුදන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර
ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed