සාම්ප්‍රදායික නොවන නව ආයෝජන ක්ෂේත්රයක් පිළිබදව කොරියාවේ අවදානය – නදීක දයා බණ්ඩාර

සාම්ප්‍රදායික නොවන නව ආයෝජන ක්ෂේත්රයක් පිළිබඳව කොරියානු රජයේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙරට තරුණ තරුණියන් සඳහා කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීමට මෙන්ම ශ්‍රී ලංකාවට කොරියාවෙන් ලබා දෙන ආයෝජන ඉහළ නැංවීමට ද එරට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේදී අද (06) දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිච්ච මල් වට්ටියක් පිළිගන්වා අග්‍රාමාත්‍යවරයා පිළිගන්නා ලදි.
කොරියාවේ දී තමන් කළ සංචාරයේදී මෙම එකඟත්වයට එළැඹි බවත් දීර්ඝ කාලීන රාජත්‍රාන්ත්‍රික මිත්‍රත්වයකින් යුක්ත රටක් වශයෙන් කොරියාව මේ වන විටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායකත්වය දක්වන විශාල ව්‍යාපෘති, ආයෝජන, දියුණු තාක්ෂණය මෙන්ම වැඩි රැකියා අවස්ථා ප්‍රමාණක් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
කොරියානු අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලබා දුන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු යැයි ද ගුණවර්ධන මහතා කීවේය.
දේශපාලන අස්ථාවරභාවය, ආර්ථික කඩා වැටීම ආදියෙන් ශ්‍රී ලංකාව ඉකුත් සමයේදී ඉතා අභාග්‍යමත් කාලයකට මුහුණ දුන් බව පෙන්වා දුන් ඒ මහතා ක්‍රමයෙන් එම ගැටලු නිරාකරණය වෙමින් ශ්‍රී ලංකා ආර්ථීක ශක්තිමත් තත්ත්වයට පත්වන බව තව දුරටත් සඳහන් කළේය.