පවුල් 5000 ක පානීය ජල ව්‍යාපෘතිය අතර මග ,- චන්දන ජයවීර -හැටන්

 

ත්වයාගේ මුලික අවශ්‍යතාවයකි පානීය ජලය .ඒ අවශ්‍යතාව මාසික විශාල බිලක් ගෙවනු ලැබුව ද අවශ්‍ය ප්‍රමාණය ට ජල සැපයුමක් නොලැබීම තුල විවිධ අපහසුතාවයන්ට මුහුණ පාන බව හැටන් නගර වාසීන් පවසති.

ගාස්තුවක් ගේවා ජල සම්බන්ධතාවයක් ලබා ගනු ලැබුව ද එම සම්බන්ධතාවයට මීටරයක් සවි කර සේවා ගාස්තු හා මනු කියවීමට අනුව බිල් පත ගෙවීමක් කලද පැය 24 පුරා කෙසේ වෙතත් දිනකට පැය 12 ක් වත් නොකඩවා ජලය සැපයුමක් හැටන් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික මධ්‍යස්ථානය විසින් සිදු නොකරන බවද පෙන්වා දෙති.

පවතින ජල හිගය හා බෙදාහැරීම් නල පද්ධතිය යාවත්කාලීන කරමින් පවුල් පන්දහසකට පමණ පානීය ජලය සැපයීමේ ජල නල ව්‍යාපෘතිය සදහා ගෙන ආ ජල නල තෝගය ස්ථාන තුනක දී ලදු කැලෑ වැදි වැසි යමින් පවති .එම තත්ත්වය හමුවේ හැටන් නගරයේ ජනතාව ඉහල බිල් පතක් ගෙවමින් දිනකට පැයක පමණ ජල සැපයුමක් ලබමින් සිටින බවට ඔවුහු මැසිවිලි නගති.

ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ හැටන් පාරිභෝගික මධ්‍යස්ථානය මගින් ජල සම්බන්ධතා ලබාගෙන ඇති හැටන් හා දික්ඔය ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව අවශ්‍යතා තරමට ජල සැපයුමක් නොමැතිව පිඩාවට පත්ව සිටිති.වර්ෂාව පවතින හා වියලි කාලගුණයක් පැවතිය ද කිසිදාක පැය 24 ජල සැපයුමක් සිදු නොකෙරේ.දිනකට පැය කීපයක් ජලය නිකුත් කිරිම සිදු කරන අතර වියලි කාලගුණයක් පවතින කාලයට දිනක් හැර හෝ දින දෙකකට වරක් ජලය නිකුත් කෙරේ.නමුත් ජල මීටරය අනුව මාසිකව විශාල මුදලක් ඔවුන් ගෙවමින් සිටිති .

ඇතැම් ගම්මාන සදහා ජලය නිකුත් කිරිම සිදු කරන්නේ රාත්‍රී 10 හෝ මධ්‍යම රාත්‍රියේ දීය .එම ප්‍රදේශ වල ජනතාව අළුයම 2 පමණ වන තුරු නිදි වර්ජිතව අවශ්‍යතා වෙනුවෙන් ජලය පුරවා ගැනීම් සිදු කරනු ලැබේ .

එම තත්ත්වය ට විසදුමක් සදහා හා පවතින ප්‍රධාන ජල නල පද්ධතිය නවීකරණය කිරිම සදහා අඩි 35 ක් දිග අඩියක් පමණ පලල  ප්‍රධාන සැපයම් නල 375 ක් ගෙන  යොදා ගනිමින් දික්ඔය – බටල්ගල ජලය එ්කරාශි කරන ස්ථානෙය්  සිට හැටන් පිරිපහදු කර බෙදා හැරීමේ ස්ථනය වෙත එළීමටය.ඒ සදහා පිඹුරුපත් ඇදීම ,සැලසුම් කිරිම් සියල්ල සිදු කර අවසන් වුවද වැඩ කටයුතු නැවති වසරකට ආසන්නය .

එම තත්ත්වය හමුවේ මාසිකව විශාල බිලක් ගෙවමින් දවසපුරා ජල සැපයුමක් ද නොලබන පාරිභෝගික ජනතාව විවිධ අසීරූතාවන්ට පත්ව සිටි.එම නිසා කඩිනමින් සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් දවස පුරා ජලය සැපයීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිති .

මේ සම්බන්ධයෙන් හැටන් ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරිවරයාගෙන්  කල විමසීමක දී පරවසුවේ එම ව්‍යාපෘතිය සදහා සැලසුම්  සකස් කර අවශ්‍ය ආයතන වලින් අවසර ලබා ගැනීමට ලිපි යොමු කරලා තියෙන්නේ .ඉදිරි කටයුතු ප්‍රාදේශීය කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ඇති බවයී

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *