කදුකරයේ උෂ්ණත්වය ඉහලට ,ජනතාව දිවා කාලෙය් එළිමහනට පැමිණිම අඩුවක්.ජලාශ සිදීයාමද සීඝ්රයෙන් -චන්දන ජයවීර – හැටන්

මධ්‍යම කදුකරයේ අද දිවා කාලයේ ඉතා ඉහල උෂ්ණත්වක් පැවතින .එම තත්ත්වය හමුවේ ජනතාව එළිමහන් ප්‍රදේශ වල සැරි සැරිසැරීමෙ විශාල අඩුවක් පැවතින.
අද 29 දහවල් ගිනිගත්හේන ප්රාදේශෙය් උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ,හැටන් 24 ක් සහ මස්කෙළිය 26 වශයෙන් වාර්තා විය .
එම උෂ්ණත්වය ප්‍රාදේශයේ ජනතාවට පිඩාකාරී තත්ත්වයක් ව පැවතින .විශේෂයෙන් තේ වතුවල හා එළිමහනෙහි සේවයන්හි නිරත වන ජනතාව අසීරුතාවට පත්ව සිටියහ.
පාසල් දරුවන් හා එළිමහනෙහි සැරි සරන බොහෝ දෙනා කුඩයක් ඉහල ගෙන සිටින අයුරු දැකිය හැකි විය .
මෙම තත්ත්වය හමුවේ ජලාශල ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහත බසින් පවති.ජල විදුලිය උත්පාදනය සදහා ජලය ලබා ගැනීම මෙන්ම පවතින උණුසුම් තත්ත්වය හමුවේ දිනකට අගල් 04 ක පමණ අඩුවීමක් විදුලිය බලාගාර ආශ්රිත ජලාශ වලින් වර්තා වන බව වාරි ඉංජිනේරුවන් පවසති.
කදුකරයේ සිදු කරන වනාන්තර හා ලදු කැලෑ ගිනි තැබීම හේතුවෙන් ජල පෝෂක හා ජල උල්පත් සිදි යාම ද මෙම තත්ත්වය ට හේතුවක් වී තිබෙන අතර හිරු රෂ්මිය සමග ප්‍රාදේශයේ උෂ්ණත්වය ඉහල යාමට ලදු කැලැ ගිනි තැබීම ද හේතුවේ