ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශ සඳහා නව තාක්ෂණික උපකරණ – නදීක දයා බණ්ඩාර

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා උප කාර්යාල සඳහා තාක්ෂණික උපකරණ ප්රදානය කිරීම අද මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම උපකරණ ප්රදානය කිරීම සිදු වූ අතර එහිදී මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර්, අන්තර් ජාල සබඳතා, මොනිටර් හා යූ.පී.එස් යන්ත්‍ර ඇතුලු තාක්ෂණික උපකරණ ප්රදානය සිදුවිය.
මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 05කි.
මධ්‍යම පාළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන්, මධ්‍යම පාළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර යන මහත්ම මහත්මීන් ප්‍රාදේශිය ලේකම්වරුන් සහ එම කාර්යාලවල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.