සංවාරක පුරවරයක් වශයෙන් කඩුගන්නාව සංවර්ධනය කිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

සංචාරක පුරවරයක් වශයෙන් කඩුගන්නාව සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

මහනුවර නගරයට ආසන්නතම සංචාරක ආකර්ෂනීය ස්ථානයක් වශයෙන් කඩුගන්නාව නගරයේ හදුනාගත් ස්ථාන කිහිපයක්  සංවර්ධනය කරන බව එම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා පැවසීය.

ඒ යටතේ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය සංවර්ධනය කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පොහොර ගබඩා සංකීර්ණය බහුවිද කාර්යය සංකීර්ණයක් වශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්නව පරිසර අලංකරණය හා නාම පුවරුවක් සවි කිරීම සහ කැප්ටන් ඩෝසන් කුළුණ හා භාවිතයෙන් තොර රජයේ තානානම යළි භාවිතයට ගැනීමට නියමිත යැයි මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කීවේය.

ඒ සම්බන්ධ සැලසුම් වාර්තාව සකස් කොට ඇති බව කී ඒ මහතා මධ්‍යම පළාත සංචාරක ආකර්ෂනීය පුරවරයක් බවට පත් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *