ඊනියා සංවර්ධනය එපා . ලෝකයේ රටවල් රැසක් විරෝධයේ , අපේ රටේ විරෝධය ත්‍රිකුණාමලයේ – ප්‍රසාද් පුර්ණමාල්

දේශීය සම්පත් විකිණීමට එරෙහිව අද(18)ත්‍රිකුණාමලය නගරයේදි ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරවැසි කමිටුව එක්ව
උද්ඝෝෂණයක් පැවැත්වීය.

“ජන අයිතිය හකුලන-ඊනියා සංවර්ධනය වහා හකුලා ගනිව්” යන සටන් පාඨය මුල් කරගෙන පැවැති මෙම උද්ඝෝෂණයට අහම් මානුෂිය සම්පත්
මධ්‍යස්ථානය (AHRC) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධිවර සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක්  එක්ව සිටියහ.

මෙහිදි අදහස් දැක්වු ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිපාලන ලේකම් ප්‍රදිප් වනිගසූරිය මහතා පැවැසුවේ රටේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස
දේශීය සම්පත් විකිණිම ප්‍රශ්නයට උත්තරයක් නොවන බවයි .දේශීය සම්පත් විකීණිම තුලින් ලෝක ධනවතුන් මෙරට ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගෙන
රටේ පාලනය  අතට ගැනිමේ කුමණ්ත්‍රනයක් පවතින බවද හෙතෙම පැවැසීය .

මේ අවස්ථාවට ලෝක ධිවර සම්මේලනය ද පණිවිඩයක් ඒවා තිබු අතර ඉන් කියවුනේ රටේ සම්පත් විකිණීම වහා නතර කල යුතු බවයි . ලෝක ධිවර සම්මේලනයේ
මහ ලේකම් හර්මන් කුමාර මහතා ගෙන් මේ පිලිබදව කල විමසීමේදී කියා සිටියේ ලෝකයේ රටවල් රැසක අද මේ විරෝධතාවය පවත්වන බවයි . සාමාන්‍ය ජනතාව පිඩාවට පත්
කරමින් සිදු කරගෙන යන මේ කොල්ලය වහා නතර කිරීමට පියවර ගත යුතු බවද හෙතම අවධාරණය කරන ලදී . මිට සමගාමිව පෝස්ටර් ව්‍යාපාරයක් , වීඩියෝ නිෂ්පාදනය
බෙදා ගැනීමක් ඇතුළු විරෝධතා වැඩසටහන් රැසක් සිදු කරයි .

   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *