හින්දි භාෂා සැමරුම් උත්සවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් මහනුවරදී.

හින්දි භාෂා සැමරුම් ජාත්‍යන්තර දිනයට සමගාමීව ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ භාෂා සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී ඊයේ (12) පැවැත්විණි.
ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වූ අතර එහිදී හින්දි භාෂාව හදාරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග, මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කෙරිණි.
හින්දි භාෂා දින සැමරුම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මාතලේ මහත්මා ගාන්ධි ජාත්‍යන්තර මධ්‍යස්ථානය, භාරතිය කලා කේන්ද්‍රය ඇතුලු දිවයිනේ ස්ථාන කිහිපයකදී භාෂා පාඨාමාලා පැවැත්වූ අතර පාඨමාලා අවසානයේ තරඟවලින් ජය ලැබූවන් ද මෙහිදී විශේෂ තිළිණ ලබා ගත්තෝය.
පේරාදෙණිය ශ්‍රී භාරතී පිරිවෙන, ඉංගිරියේ චේතවනාරාම විහාරස්ථානය, කුරුණෑගල ගිරිඋල්ල විහාරස්ථානය, පැල්මඩුල්ල රූපා අරුණ පිරිවෙන, කෑගල්ල සෝමානන්ද පිරිවෙන සහ ඊරියගම කුරුකුදේ විහාරස්ථානය යන විහාරස්ථානවල මහා සංඝරත්නය ද කැලණිය විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ හින්දී භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතා සුභාෂිණී මහත්මිය ශිල්ප කලාශ්රම් අධ්‍යක්ෂිකා වසන්තා පද්මිණී මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.